Colombo Today Local News

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කුරුනෑගල ප්‍රාදේශිය තැපැල් අධිකාරී කාර්යාලයේ හා කුරුනෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 14 දෙනකුට කොරෝනා අසාදිත වී යැයි හඳුනා ගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

ඇතැම් නිලධාරීන් තැපැල් බෙදීම් හා ඖෂධ බෙදාදීමේ රාජකාරී සඳහා අනෙකුත් තැපැල් හා උපතැපැල් කාර්යාලවෙත ගොස් ඇති නිසාත් සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදීමේ රාජකාරීද නැවත දැනුම්දෙනතුරු නවත්වා තිබේ.ඖෂධ බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අංශ හා එක්ව කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පතින බවද තැපැල් දෙපාර්තමේන්තව කියයි.

Related posts

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday

ජනාධිපති වෙන්න මට බැරිවෙයි – සජිත් කියයි

colombotoday

මහින්දානන්ද සහ නලින්ට බන්ධනාගාරයේ ජම්පරය

Admin

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin