Colombo Today Local News

කුමාර් අල්ලන්න ඔත්තුව කුමාරගෙන්?

අනුර දිසානායකමේ වන විට අත්අඩංගුවේ පසුවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පසුගිය ආණ්ඩුව සමයේද අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරනු ලැබුවා. ඒ සමයේ ඔහුව අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීම සදහා ඔහු සැගවී සිටි ස්ථානය සහ ඔහු පිළිබදව සියළු තොරතුරු ලබාදී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවට හිටපු රජයේ ප්‍රබලයෙක් ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා. එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙවර ද කුමාර් ගුණරත්නම් අල්ලා ගැනීම සදහා මැදිහත් වී ඇත්තේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකයි.

එච් එන් ඩී ඒ ශිෂ්‍ය අරගලය හා පසුව ඇතිවූ සිදුවීම් දාමය නොසිතූ ලෙස ආණ්ඩුවට අවාසිදායක අන්දමින් බලපෑමත් උතුරේත් ඇතුළුව ශිෂ්‍ය ව්‍යාපාර ඇතුළු සිවිල් සමාජය ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසීමත් නිසා ආණ්ඩුව අභ්‍යන්තරයේ යම් සෙලවීමක් ඇති තිබෙන බව නොරහසක්. මේ වන විට විශ්විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවීමේ බලය මුළුමනින්ම පාහේ පෙරටුගාමීන් අත පැවතීම නිසා ඉදිරියේදී ද ආණ්ඩුවට අහිතර තත්වයක් ඇතිවිය හැකි බැවින් හා ජවිපෙන් ගිලිහී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය නැවත තමන් අතට ගැනීමේ අරමුණින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැළකෙන එහි දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කෙසේ හෝ දේශපාලන තිරයෙන් ඉවත් කර රටින් පිටුවහල් කරවීමට අනුර කුමාර ආණ්ඩුවේ ඉහළම පෙළේ බලධාරියෙකුට බලපෑම් කර ඇති බවද එම තොරතුරු මාර්ග සදහන් කරනවා.

එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය උතුරේ දෙමළ තරුණයන් අතරද තම දේශපාලන මතවාදය ව්‍යාප්ත කරමින් සිටින නිසා එය තමන්ගේ දේශපාලන අනාගතයටද අහිතකර අන්දමින් බලපානා බව ද්‍රවිඩ සන්ධානයේ නායක ආර් සම්බන්දන් ද රජයේ ඉහළම බලධාරීන්ට දන්වා ඇති බවද සදහන් වනවා.

Related posts

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday

සතියක් රට වසන්නැයි අස්ගිරි – මල්වතු මහානාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

colombotoday

සහල් අර්බුදය ඩඩ්ලි අතුළු පහේ කල්ලියේ වැඩක්

Admin

“බැදුම්කර මගඩිය මට කරන්න කීවේ අගමැති රනිල්“ – අර්ජුන් මහෙන්ද්‍රන් කියයි

colombotoday

“හිලරි ක්ලින්ටන්ට ජය පතා දේව කන්නලව්වක් කරනනවා.. ඇය දිනුවොත් අපි ගොඩ“ ශිවාජිලිංගම්

colombotoday

තවත් ප්‍රදේශ කීපියක් හුදකලා කරයි.

colombotoday