World

කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව

උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව පවත්වා තිබෙනවා.

උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර යුධ මුක්ත කලාපයේදී මෙම හමුව පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එහිදී දෙරටේ නායකයන් අතර පැයකට ආසන්න කාලයක් සකච්ඡා පවත්වා තිබෙනවා.

න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව එහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

එම සාකච්ඡා පසුගිය පෙබරවාරි මාසයේදී නවතා දැමුණේ, උතුරු කොරියානු න්‍යෂ්ටික හරණ වැඩසටහන සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ

ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොං අතර තෙවරක් මුහුණට මුහුණ සාකච්ඡා පැවැති අතර අමෙරිකානු ජනාධිපතිවරයෙක් උතුරු කොරියාවේ සංචාරය කළ පළමු අවස්ථාව ද මෙය වනු ඇති.

කෙසේ වෙතත් මෙම හමුව ඓතිහාසික මෙන්ම ආශ්චර්යජනක ලෙසයි හඳුන්වාදී ඇත්තේ.

Related posts

කරුණු 4කින් යුත් ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට අත්සන් තබයි…

colombotoday

අතුරුදන් වූ සුරූපී නිළියකගේ මළ සිරුරක් ගෝනියක

colombotoday

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday

ඉස්ලාම් ත්‍රස්තයෙක්, බ්‍රසල්ස්හිදී පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල කපා පැන යයි

colombotoday

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

colombotoday