World

කිම් ජොන් අන් අඩියක් පස්සට ගනී.. න්‍යාෂ්ඨික වැඩපොළක් වසා දමයි

කොරියානු අර්ධද්වීපයට සාමය ගෙන ඒමටත් ආර්ථික වර්ධනය කෙරෙහි යොමු කිරීම සඳහාත් උතුරු කොරියාව කඩිනමින් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් තාවකාලිකව නවතා දමන බවත් න්‍යෂ්ටික පරීක්ෂණ සිදු කරන වැඩබිමක් වසා දමන බවත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අද, සෙනසුරාදා (21) වාර්තා කළේය. 

උතුරු කොරියානු රාජ්‍ය මේ බව වාර්තා කළේ එරට නායක කිම් ජොන් උන් ලබන සතියේදී දකුණු කොරියානු නායක මූන් ජායි ඉන් සහ ලබන මාසයේදී ඇමෙරිකා එක්සත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට සූදානම් වන මොහොතකය. 

න්‍යෂ්ටික අවි නිපදවීමේ ඉලක්කය සපුරා ගෙන ඇති බැවින් රටට තවදුරටත් න්‍යෂ්ටික හෝ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පවසා ඇතැයි කොරියාවේ මධ්‍යම පුවත් ආයතනය වාර්තා කළේය. 

තමන්ගේ ආර්ථිකය වෙනුවෙන් ‘ජාත්‍යන්තරයට හිතකර පරිසරයක්’ නිර්මාණය කරන බවත් ඒ වෙනුවෙන් ‘අසල්වැසි රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප, ක්‍රියාශීලි සහ මිත්‍රශීලි සංවාදයක් ඇති කරගන්නා බවත්’ උතුරු කොරියානු නායකයා තවදුරටත් පවසා ඇතැයි වාර්තා වේ. 

උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන් සම්බන්ධයෙන් සෘජුව අදහස් දැක්වූ පළමු අවස්ථාව ද මෙය විය. 

Related posts

බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තයන් ගෝත්‍රික ගමකට පහර දෙයි. පුද්ගලයින් 81 ක් මරුට

colombotoday

අල්ලාහු අක්බර් කියමින් ජර්මනියේ දුම්රිය මගීන්ට පොරොවෙන් කොටයි !

colombotoday

සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.

colombotoday

සුඩානයේ අගනුවරට බර අවි ප්‍රහාර – යුරෝපා කොමිසමේ තානාපතිටත් ප්‍රහාරයක්

Admin

පෘථිවියේ ගැටෙන්න යන යෝධ ග්‍රහකයක් ගැන තාරකා විද්‍යාඥයින්ගෙන් අනාවරණයක්

Admin

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday