World

කැලිෆෝනියා ප්‍රාන්තයට යළි ඇඳිරිනීතිය

අමෙරිකාවේ සමස්ත ආසාදිතයින් මිලියන 12 ඉක්මවාගොස් ඇති පසුබිමක කැලිෆෝනියා ප්‍රාන්තයට රාත්‍රී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව එරට වේලාවෙන් ඊයේ (21)දින රාත්‍රීයේ සිට මෙම තීරණය ක්‍රියාත්මකය.

අමෙරිකාවේ පළමු ආසාදිතයන් මිලියනය සම්පූර්ණ වුණේ, එරටින් මුල්වරට ආසාදිතයෙකු හඳුනාගෙන දින 98කට පසුවය.

එහෙත් අවසන් ආසාදිතයන් මිලියනය සම්පූර්ණ වීමට ගතවී තිබෙන්නේ දින 6 ක් පමණක් වීම විශේෂත්වයකි.

අමෙරිකාවෙන් කොවිඩ් මරණ 261,790ක ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී තිබේ.

එරට තුළ පෙරට වඩා වේගවත්ව, පුළුල්ව හා දීර්ඝ වශයෙන් වසංගතය පැතිර යමින් ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවයි.

එමෙන්ම වෛරසය බොහෝදුරට ව්‍යාප්ත වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන්ගෙන් බව වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන අමෙරිකානු ආයතනය පෙන්වාදෙයි.

ඒ අනුව ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම ද ඔවුන් දැඩිව අවධාරණය කරයි.

මේ අතර අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩ්න් ඩෙලවෙයර් ප්‍රාන්තයේ දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගි වී සිටියේය.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ සියලු අමෙරිකානුවන්ට ආරක්ෂිතව දේව මෙහෙය සඳහා එක්විය හැකි බවය.

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 58,491,492 ලෙස දැක්වේ.

මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,386,400 කි.

Related posts

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

Admin

බූස්ටර් එන්නතට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක්

colombotoday

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා ඉසව් තරග තහනම් කරයි

Admin

සභාග සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ඇමරිකාවෙන් ප්‍රතිචාර.. හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර

colombotoday

තායිලන්තයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් දුම්රියකට hit-and-run පන්නයේ ප්‍රහාරයක්. – බෞද්ධයන් ඉලක්ක ගත් ප්‍රහාරවල වර්ධනයක්.

colombotoday

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday