Colombo Today Local News

ක්වේට් ගමන් තාවකාලිකව අත්හිටුවයි !

කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණයකට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව,ලෙබනනය, සිරියාව, ඊජිප්තුව යන රටවලින් කුවේට් රට  වෙත පැමිණෙන හා පිටත්ව යන සියළු ගුවන් ගමන් 2020 මාර්තු 06 වන දින සිට සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා ඇති බව එරට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම කුවේට් රටේ වලංගු නේවාසික හෝ පෙර පිවිසුම් වීසා බලපත්‍රයක් හිමි ඕනෑම ජාතිකයෙකුට, එහෙත් පසුගිය සති දෙකක කාලය තුළ ඉහත සඳහන් රට වල රැදී සිට වෙනත් ගුවන්තොටුපලක් මඟින් කුවේට් රාජ්‍යයට පැමිණීම තහනම් කර ඇත.

එසේම ඉහත රට වල සිට පැමිණෙන කුවේට් ජාතිකයන් හට අවශ්‍ය කරනු ලබන නිරෝධායන ක්‍රමවේදය සලසා ඇති අතර ඔවුන් හට රට තුළට ඇතුළුවීමට අවසර ඇති බව ද එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා සිටී.

Related posts

දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

නොරොච්චෝලේ බිඳ වැටුණු ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කරන්න දින 12 ක් ගතවේවි – විදුලිබල මණ්ඩලය කියයි

Admin

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට 2,500ක නිශ්චිත මාසික දීමනාවක්

colombotoday

ගංජා වවන්නත් අවසරයි

colombotoday

ජනපති ඕස්ට්‍රේලියාවට

Admin

විමල්ගේ පාර්ලිමේන්තු බෝම්බ කතාවට ජානිපෙ හරස් වෙයි… ජාතියෙන් සමාව ගන්න කියයි

colombotoday