Colombo Today Local News

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

“දමිළ එක්සත් නිදහස් පෙරමුණේ” නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය දී තිබේ.

කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයකු වන බෝසෙත් කලෙහේ පතිරණ මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟවදින අපේක්ෂකයින් කැඳවා විමර්ශන සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇති බවට මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා වී ඇතැයි පෙන්වා දුන් සභාපති විනිසුරු නවාස් මහතා මෙම සිද්ධියට අදාළ පොලිස් විමර්ශන කටයුතු මූලික අදියරේ පවතින බව පෙනී යන හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය නොවන බව පෙන්වා දුනි.

ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.

Related posts

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

colombotoday

කට්ටි පැන්න සිරිල් පුජකතුමා අද සි.අයි.ඩි.යට

colombotoday

මහින්දගේ මන්ත්‍රීකමයි ප්‍රජා අයිතියයි දෙකම අහෝසිකර දැමිය යුුතුයි – චන්ද්‍රිකා

colombotoday

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin

ත්‍රස්තවාදීන් හා ඔවුන්ගේ සහයකයන් සමග අපට කිසි ගනුදෙනුවක් නැත – ත්‍රස්තයන් මර්ධනය කරන හැටි පූටින්ගෙන් ඉගෙන ගන්න…

colombotoday

බුර්ඛා, මුහුණු ආවරණ පැළගෙන ඡන්දෙ දාන්න ආවොත් පන්නන්නැයි මැ.කො. සභාපති දන්වයි

colombotoday