Uncategorized

ඕල් ඉන් වන්, අපූරු බහුකාර්ය ලිපක් මැල්සිරිපුර හපනෙක් හදයි

වතුර ෆිල්ටරයක්, හීටරයක් (ජල තාපකයක) උණු වතුර බෝතලයක්, කෑම පිසිය හැකි උඳුනක් වැනි කාර්යයන් එකම දෙයකින් සපුරාගැනීමට හැකි බහු කාර්ය උඳුනක් නිර්මාණය කිරීමට කුරුණෑගල මැල්සිරිපුර පදිංචි ආර්.එම්. ඉසුරු විජේරත්න සමත් වී සිටියි.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිටි ඉසුරු මෙයට පෙරද අතින් කි‍්‍රයාත්මක කළ හැකි ඇඹරුම් යන්ත‍්‍රයක් නිර්මාණය කර පේටන් බලපත‍්‍රයද හිමි අයෙකි. ඔහුගේ නව නිර්මාණය වන බහු කාර්ය උඳුන පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

‘‘ලිප කි‍්‍රයාත්මක කිරීමේදී දර, පොල් කටු, පොල් කටු අඟුරු වැනි  ඕනෑම ද්‍රව්‍යයක් භාවිත කළ හැකි අතර සාමාන්‍ය දර ලිපකට වඩා දර පරිභෝජනය ඉතා අඩුයි.  සාමාන්‍ය දර ලිපක ගින්දර පාලනය අපහසු වන අතර මෙම ලිපෙහි ගෑස් ලිපක මෙන් පහසුවෙන් ගින්දර අඩුවැඩි කරගත හැකි පරිදි සාදා ඇත. මෙම උඳුනේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය දර ලිපක 85% පමණ අපතේ යන තාප ශක්තිය ප‍්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදා ගැනීමට හැකිවීමයි.

එනම් අපතේ යන ශක්තියෙන් ජලය උණුකර දීමයි. මෙහිදී ප‍්‍රභවයෙන් ජලය රත්වීමට පෙර සකි‍්‍රයන කාබන් මගින් ජලය පිරිසුදු කර එම පිරිසුදු කළ ජලය 100% දක්වා රත්කරයි. මෙහිදී මිනිත්තු 10ක පමණ කාලයකදී ජලය ලීටර් 2 ක් පමණ උතුරා ගත හැකියි. මෙලෙස උතුරවා ගත් ජලය ලිපෙහි පහළ කොටසෙහි ඇති ගබඩා කර ගැනීමේ ටැංකි දෙකට ගබඩා වෙනවා.

මෙම උඳුනෙන් පිටතට එන ජලය සම්පුර්ණයෙන්ම පිරිසුදු කර ලබා දෙන නිසා ගෙදරකට ෆිල්ටරයක් මගින් සිදුකරන කාර්යයද වතුර උණුකර දෙන නිසා හීටරයක කාර්යයද සිදු කෙරෙයි. ඒ වගේම පොල් කටු දෙකකින් වගේ බත් හැලියක් පිස ගැනීමට හැකියාව පවතිනවා.

මෙම නිර්මාණයේ වාසිලෙස පොල් කටු දෙකකින් මිනිත්තු 20 ක් පමණ පිසීමට ඇති හැකියාව, දර පූර්ණ දහනයක් සිදුවීම, සාමාන්‍ය ලිපයකට වඩා ඉතාමත් අඩුවීම, පොල් කටු අගුරු පමණක් භාවිතා කරන්නේ නම් දුම් පිට නොවීම, භාජනවල දැලි නොබැඳීම හා කාර්යක්ෂම ලෙස ඉවීමට ඇති හැකියාව සඳහන් කළ හැකිය‘‘

මෙම නිර්මාණය සඳහා 2014 දී පේටන් බලපත‍්‍රයද ඉසුරු විජේරත්නට හිමිව ඇති අතර 2014 දී පැවැත්වූ සමස්ත ලංකා සහසක් නිමැවුම් තරගාවලියේදී දෙවැනි ස්ථානයද හිමිවී ඇත. මෙම නිර්මාණය ඉතාම කෙටි කලකින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු සිදුකරන බවත් නිර්මාණය පිළිබඳ වැඩි විස්තර 0724762341 අංකයෙන් ලබා ගැනීමට හැකි බවත් ඔහු පවසයි.

cooker_2015101

cooker_2015101-2

DSC_0020151001cooker14

Related posts

බැඳුම්කර වංචාව : රවී කරුණානායක ඇතුළු චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

colombotoday

TNA විරෝධය මැද මුලතිව් නාහිමි දේහය විහාර භූමියේම ආදාහනය කරයි….

colombotoday

1840 මුඩු බිම් පණතට නොදෙවෙනි මහා පාවාදීමකට පණ අදින ආණ්ඩුව සූදානම් !

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ජනපතිගෙන් විසදුම්

Admin

අලුත් බදු වලින් නෙට් බිල්, දුරකථන බිල්, විදුලි බිල් වැඩිවන සූත්තරේ මෙන්න

colombotoday