ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනෙක් නියෝජ්‍ය ඇමැතිධුර 6 ක් ලබාගෙන ඉදිරි සති දෙක ඇතුළත ආණ්ඩු පක්ෂයට එකතු වීමට නියමිතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා නියෝජ්‍ය ඇමැතිධුර 6 ක් මේ වන විටත් සූදානම් කර තිබෙන අතර එම මන්ත්‍රීවරුන් හයදෙනා රජයේ ඉහළම දේශපාලනඥයන් කීපදෙනකු සමඟ රහස්‍ය සාකච්ඡා කීපයක්ම මේ වන විට පවත්වා ඇති අතර අදාළ නියෝජ්‍ය ඇමැති ධුර භාර ගැනීමට ද ඔවුන් කැමැත්ත පළ කර ඇත.
ආරංචි මාර්ග පවසන අන්දමට මෙම මන්ත්‍රීවරුන් හයදෙනා ගාල්ල, රත්නපුර, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය.