Colombo Today Local News

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගන්නා ඉල්ලීමක් කළහොත් සලකා බලන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ඔහු පවසන්නේ තමා කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වීමට කටයුතු නොකළ බවය.

ඊයේ (10 දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සදහන් කළේය.

ප්‍රශ්නය – ඔබතුමා ඇයි සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙක් වුණේ ?

මංගල සමරවීර මහතා – ඒ නිසා තමයි වේලාසනින් එතනින් ඉල්ලා අස්වුණේ, මම එක්සත් ජාතික පක්ෂයෙන් මොහොතකටවත් ඉවත් වුණේ නැහැ.

ප්‍රශ්නය – ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඉල්ලන්නේ නැද්ද ?

මංගල සමරවීර මහතා – මගෙන් ඉල්ලීමක් කළහොත් සලකා බලන්නම්.

ප්‍රශ්නය – ඒ කියන්නේ ඔබතුමාගේ හිතේ තියෙනවා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ගැන?

මංගල සමරවීර මහතා – එක්සත් ජාතික පාක්ෂිකයන් කියන්නේ, පුදුම කොටසක් ඒ අය ලක්ෂ 16ක් මේ වතාවේ ඡන්දය භාවිතා කළේ නැහැ. ඒ නිසා හරි නායකයෙකුට මේ පක්ෂය ඉතා ඉක්මනින් ගොඩනගන්නට හැකියාව තියෙනවා.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි ද?

මංගල සමරවීර මහතා – ඒක මගෙන් නෙමෙයි අහන්න ඕනේ රනිල් වික්‍රමසිංහගෙන්.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා ගැන ඔබතුමා කියන්නේ මොකක්ද ?

මංගල සමරවීර මහතා – ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්, එතුමා මේ පක්ෂය ආරක්ෂා කරන්න මේ හැම දෙයක්ම කරන්නේ.

Related posts

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

colombotoday

නිකවැරටියේ නිවසකත් ගෑස් ටැංකියක් පුපුරයි.

colombotoday

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday

අනුර කුමාර බෞද්ධයාට වෛර කරන්නේ ගබ්සාවක් වැරදී ඉපදුන නිසා – ඥානසාර හිමිගෙන් ජවිපේට සැර පහරක්

colombotoday

දියර කිරි ලීටරයක් රු. 100 බැගින් ගොවීන්ගෙන් මිලදී ගන්නැයි ජනපතිගෙන් උපදෙස්..

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසේ

colombotoday