Colombo Today Local News

උදය ගම්මන්පිලට කැපිල්ලක් – නව අමත්‍ය මණ්ඩලයට ඇතුලත් නොකිරීමේ උත්සහයක්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිත ආමාත්‍ය මණ්ඩලයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නම කැපී ගොස් ඇති බව “අද” පුවත්පත වාර්තා වාර්තා කර තිබෙනවා.

උගත්, බුද්ධිමත් දේශපාලඥයෙකු ලෙස ප්‍රකට ගම්මන්පිල මහතාට අමාත්‍යධුරයක් නොලැබීම පිළිබඳව දැඩි කථා බහක්ද නිර්මාණය වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්කිරීමට කැපවී ක්‍රියාකළ ගම්මන්පිල මහතා අමාත්‍ය මණ්ඩලයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සැලසුම් කළ පිරිස විසින් කටයුතු නොකළේ මන්දැයිද දැඩි කථා බහක් නිර්මාණය වී තිබේ.

බහුතර භික්ෂුන් වහන්සේලාගේ මතය වී තිබෙන්නේ බුද්ධ ශාසන සහ ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍යාංශය ලබාදීමට සුදුසුම පුද්ගලයා උදය ගම්මන්පිල මහතා බවයි.

Related posts

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

colombotoday

සංචරණ නියෝග මැද අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට

colombotoday

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් කපන්න යුරෝපා සංගමය තීරණය කරලා – සුමන්තිරන් කියයි

colombotoday

සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්

Admin

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

colombotoday