ඊශ්‍රායලයේ ඉචිලොව් වෛද්‍ය මධ්‍යස්ථාන රෝහල විසින් එරට අසාධ්‍ය නොවන කොරෝනා වෛරස් ආසාදිතයින්ට ඖෂධීය කංසා ප්‍රතිකාරයක් වශයෙන් ලබා දීමට නියමිතව ඇති බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි .මෙය අත්හදා බැලීමේ ප්‍රතිකාරයක් වශයෙන් ලබා දීමට නියමිතව ඇත .
වෛද්‍යවරුන් මෙම ප්‍රතිකාරය කොරෝනා වෛරස් ආසාදිතයින්ට ලබා දෙමට සැරසෙන්නේ ඖෂධීය කංසා වල ඇති වෛරස් විරෝධී ගුණය හරහා වෛරසය පැතිරීමේ වේගය අඩු කිරීමට බව එරට බලධාරීන් විසින් නිවේදනය කර තිබේ .කෙසේ වුවද මෙම ප්‍රතිකාරය වෛද්‍ය නිර්දේශය මත පමණක් ලබා දෙන අතර කිසිදු අයෙකුට පුද්ගලිකව ලබා ගැනීමේ අවකාශයක් නොමැති බව එම බලධාරීහු කියා සිටිති .