Colombo Today Local News

ඉසුරුපාය හෙට සිට යලි විවෘතයි

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනිම හේතුවෙන් තවකාලිකව වසාදැමූ “ඉසුරුපාය” හෙට (05)දින සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ආයතන පරිශ්‍රය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළිත් විවෘත කිරීමට තීරණය කළ බවය.

“ඉසුරුපාය” පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී ඇති බව ඊයේ(03) දිනයේ වාර්තාවීමත් සමග එම පරිශ්‍රය තවකාලිකව වසාදැමිමට බලධාරින් පියවර ගත්තේය.

එම ආසාදිත නිලධාරියාගේ ආශ්‍රීතයින් 6 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති අතර පසුගිය දිනවල එම පරිශ්‍රයේ අඩු සේවක සංඛ්‍යාවක් රැඳීසිටීම හේතුවෙන් අශ්‍රිතයින් ඇත්තේ අඩු පිරිසක් බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

Related posts

ජල බිල්පත් ඊ.බිල් පත් ක්‍රමයට හෝ කෙටි පණිවුඩ ක්‍රමයට

colombotoday

ජොන්ස්ටන් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධිචෝදනා.

colombotoday

උතුරු මහ ඇමති – රදගුරු රහස් සාකච්ඡාවක !

colombotoday

නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

සේවක වැටුප් පිලිබද තීරණයක්

Admin

සජබය කළු ඇඳන් මැතිසබයට

Admin