Colombo Today Local News

ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට මෙහෙයුම් තවදුරටත්.. නෞකාව සැතපුම් 12ක් ගොඩබිම දෙසට ළඟා වෙලා

අම්පාර, සංගමන්කන්ද තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ ගිනි ගනිමින් ඇති “M T ටී නිව් ඩයමන්ඞ්” ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම්වල නිරත වනවා.

ඒ, ඉන්දීය නාවික හමුදාවේ සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ද සහය ඇතිවයි. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ, නෞකාවේ එන්ජින් කාමරයේ හටගෙන ඇති ගින්න තෙල් සංචිත ගබඩා කර ඇති ප‍්‍රදේශයට පැතිරගොස් නොමැති බවයි.

තෙල් සංචිත ඇති කොටසට ගින්න පැතිරීම වැළැක්වීම සඳහා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කර ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

නාවික හමුදාවේ නෞකා 03 ක්, වේග ප‍්‍රහාරක යාත‍්‍රා 02 ක්, ඉන්දියානු නාවික හමුදාවට සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා 02 ක් සහ තවත් යාත‍්‍රා 03 ක් ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සඳහා එක්කර තිබේ.

මේ අතර, මෙම නෞකාවේ ගින්න තෙල් සංචිත ඇතුළත් කොටසට පැතිර ගොස් තෙල් කාන්දුවක් සිදු වුවහොත් ගතයුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිිටින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පැවසුවේ අදාළ නෞකාව ඊයේ (03) දිනයේ පැවති ස්ථානයේ සිට සැතපුම් 12 ක් පමණ ගොඩබිම දෙසට ළඟා වී ඇති බවයි.

මේ අතර අදාළ නෞකාවේ සිටි අතුරුදහන් වූ බවට පැවසුණු පිලිපීන ජාතිකයා මිය ගොස් ඇති බව තහවුරු වී තිබේ.

Related posts

ගෑස් ටොන් 10,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොටට සේන්දු වෙයි

colombotoday

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Admin

ඡන්දෙන් පසු අලුත් ආණ්ඩුවක්.. කණ්ඩායම් තුනක් රහස් කතා..

colombotoday

ගාලු ගිය ගයේෂාට ශ්‍රීලනියෙන් ලොකු තනතුරක් දෙයි.. “මොරටු කාන්තාවන්ගේ නායිකාව මමයි” – ගයේෂා

colombotoday

සේවා සගයින්ගේ නිරුවත් දසුන් පටිගත කළ වයඹ සරසවි ඇදුරා දැලේ!

Admin

සෝභිත හිමි අපවත් වීමට ‍හේතු වූ හදවත් සැත්කමේ අභිරහස…?

colombotoday