Colombo Today Local News

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

13 වන අන්තර්ජාතික බාලි සංගීත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ “සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ” ( Soul Sounds Academy ) සිසුන් 34 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම කේවළ අංශයෙන් රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 08ක් සහ කණ්ඩායම් අංශයෙන් රන් පදක්කම් 02ක් දිනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම සංගීත තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දුපතේ ඉකුත් 21 දින සිට 27 දින දක්වා ලෝකයේ රටවල් 20ක තරගකරුවන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.

මෙම පිරිස පිළිගැනීම සදහා ” සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ ” කාර්යය මණ්ඩලය සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

Related posts

බුර්කාව – මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කරනවා – ඇමති සරත් වීරසේකර

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

colombotoday

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කර පාසල් සිසු රක්ෂණය පෞද්ගලික සමාගමකට?

colombotoday

පොදු ප්‍රවාහන සේවයට වාහන ආනයනයත් අත්හිටුවයි

Admin

ඥානසාර හිමිට එරෙහි ප්‍රකාශ අඩංගු CD තැටි 25ක් සමග මුස්ලිම් ජාතිකයකු කොළඹදී අත්අඩංගුවට

colombotoday