World

ඉන්දුනීසියාවට සුනාමියක්… මිය ගිය ගණන 384 දක්වා ඉහළට…

ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලධාරිහු පැවසූහ. 

ව්‍යවසනයෙන් මියගිය බොහෝ භූ කම්පනය සහ විශාල රළ පැමිණි අවස්ථාවේ වෙරළ තීරයේ සිටි පිරිස් යැයි ද ඉන්දුනීසියානු බලධාරීහු අද (29) ප්‍රකාශ කළහ. 

ඊයේ (28) රික්ටර් මාපකාංක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඇති වූ අතර ඒ හේතුවෙන් සුනාමි තත්ත්වයක් ද ඇතිවිය. අඩි 18ක් පමණ උසැති රළ වෙරළ නගරයට කඩා වැදුණු බවත් ප්‍රබල පසුකම්පන රැසක්ම ඇති වූ බවත් බලධාරිහු තවදුරටත් කීහ. 

Related posts

ශල්‍යකර්මවලදී භාවිත කරන්න වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක්

Admin

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

colombotoday

ඊජිප්තුවටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

ප්‍රංශය රුසියන් නැවක් අතලාන්තික් මුහුදේදී අත්අඩංගුවට ගනී

colombotoday

ISIS නායක අබු බකර් දෙවියන් ලඟට යැවූ එක්සත් ජනපද විශේෂ බලකා මෙහෙයුම

colombotoday

උ. කොරියා මිසයිල අත්හදා බැලීමෙන් ජපානය තැති ගනී

colombotoday