BusinessColombo Today Local News

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

indo lankaඉන්දියාව සහ ලංකාව අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට දෙරටේම එකඟතාවය පලකර ඇත.

මෙම ගිවිසුම 2016 පෙබරවාරි මාසයේ දී කෙටුම්පත සකස්කර අවසන්කර එම ගිවිසුම ජූනි මාසයේ අත්සන් කිරීමට නියමිත අතර ඊට එකඟතාව පළවී ඇත්තේ ඉකුත් දෙසැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා – ඉන්දියා වාණිජ ලේකම් සාකච්ඡාවේදීය.

මෙම ගිවිසුමට තොරතුරු තාක්ෂණය හා නැවි කර්මාන්තයට අදාල සේවා සැපයීම සදහා වන එකගතාවයන්ද තවත් සේවාවන් සපයා ගැනීම සදහා වන කරුණුද ඇතුළත් වන බවද,සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ කිසිදු සේවාවක් මී ඇතුළත් නොකරන බව ද පවසන සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම ගිවිසුම සකස් කිරීමේ දී විද්වත් වෘත්තිකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ගිවිසුම අත්සන් කිරීමට පෙර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසර ලබා ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

ධම්මික පැණියේ කාලක් 2500ට දෙන්නද මගෙන් ඇසුවා… ඒ පැණිය මිත්‍යාවක්

colombotoday

ඔස්ට්‍රේලියාවට පනින් ඉරණවිල සැගවසිටි 29ක් මාට්ටු

colombotoday

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක සුලමුල හෙළිවෙයි.

colombotoday

තැන තැන වෙඩිතැබීම් වලින් පුද්ගලයින් 44ක් මිය ගිහින්

Admin

අලි සබ්‍රිගේ “බහු විවාහ” Zoom මීටීම මැද්දෙන් අසභ්‍ය වීඩියෝ-ඡායාරූප දර්ශනය වෙයි.

colombotoday

දේශබන්දුට තවත් විමර්ශනයක්! නාටකයක්ද? සැලසුමක්ද?

Admin