Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරට, විශ්වවිද්‍යාල අධ්‍යනයන් සහ පර්යේෂණ පාර්ලිමේන්තුවට !

ඉතිහාසයේ පළමු වරට විශ්ව විද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම අද (24) පාර්ලිමේන්තුවේදි සිදු විය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධමිමික දසනායක මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම යටත් විශ්ව විද්‍යාල විසින් හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරන පර්යේෂණ, සම්මන්ත්‍රණ පත්‍රිකා ආදී සියල්ලක්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පරිහරණය සඳහා ලබා දෙනු ඇත.

එමෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විවිධ කාර්යයන් සඳහා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සහය ලබාගැනීමටත්, පිළියෙල කරන ග්‍රන්ථ පරිහරණය කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.

Related posts

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

Admin

ගෝ්ඨාභය අදත් විශේෂ මහාධිකරණයේ…

colombotoday

රජයේ ආදායම් ඉලක්ක පැහැදිළි නෑ.. ආර්ථිකය අවදානමේ.. බදු සහන නොදෙන ලෙස IMF කියයි

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

colombotoday