Colombo Today Local News

ඇමරිකානු යුධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි…

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (21) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

දිගින් මීටර් 185 කින් යුක්ත මෙම නෞකාව ටොන් 18000 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 380 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. තවද, නෞකාවේ අණදෙන නිලධාරි වශයෙන් කොමාණ්ඩර් ආර්.සී ට්‍රයන් මහතා කටයුතු කරනු ලබන අතර, ‘රුෂ්මෝර්’ නෞකාව දිව‍යිනේ රැඳි සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.

දින හයක (06) සුහද සංචාරයක් සඳහා පැමිණි, නෞකාව සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් 26 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

Related posts

“ඉදිරි දින 3 විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නෑ”

colombotoday

ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය සොයා බලයි

colombotoday

පුත්තලම මුස්ලිම් පාසලේ ගුරුවරයාට පහරදුන් සිසුන් ට ඇප

Admin

අම්පාරේ හර්තාල් මැද ලංගම බස්රථ හතරකට පහර දෙයි

colombotoday

නකල්ස්‌ රක්‌ෂිතයේ ඉඩම් අක්‌කර විසිඑක්‌ දාහක්‌නෑදැ හිතවතුන්ට පවරාදීමට යනවා. – මන්ත්‍රී අයි. ජී. නිශාන්ත බණ්‌ඩාර

colombotoday

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

colombotoday