Colombo Today Local News

ආණ්ඩුවේ සළු ගලවන වාචාල කැබිනට් ප්‍රකාශකයෙකුට අගමැතිගෙන් දැඩි අවවාද

ranil 565ආණ්ඩුවට අහිතකර ලෙස බලපාන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා පැවති කැබිනට් රැස්මේදී කැබිනට් ප්‍රකාශකවරුන්ට දැඩිලෙස අවවාද කොට ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවලදී රජය අපහසුතාවට පත්වන ප්‍රකාශ නිකුත්ව ඇති බවය. අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසුව ආණ්ඩුව නියෝජනය කරන එ.ජා.ප හා ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුද කැබිනට් ප්‍රකාශකවරයා විසින් කරනු ලබන ප්‍රකාශ පිළිබදව විවේචන එල්ලකොට ඇත.

මෙම අවස්ථාවේදී එහි සිට ඇත්තේ සම කැබිනට් ප්‍රකාශකවරුන් දෙදෙනා අතරින් ගයන්ත කරුණාතිලක මහතා පමණක් වන අතර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම කැබිනට් රැස්වීමට සහභාගී වූයේ නැත. කැබිනට් ප්‍රකාශක සම්බන්ධයෙන් අගමැතිවරයා චෝදනා කරද්දී සෙසු ඇමතිවරු ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා දෙස බැලූ තර ඔය එය තමන්ට එල්ල කෙරුණු චෝදනාවක් නොවන බව අගවා සිටියේය.

Related posts

වනාතේ අරුණි හෙරොයින් එක්ක අතටම මාට්ටු

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරන්න අයදුම්පත් කැඳවයි

Admin

හිටපු මන්ත්‍රීන් 50කුත් සමග අගමැති මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී…

colombotoday

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ සිදු කළ වනසංහාරය ගැන වාර්තාවක් පරිසර ඇමැති ඉල්ලයි

colombotoday