Colombo Today Local News

ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාතභාවය දැන් අහෝසියි…

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමත් සමග වත්මන් ආණ්ඩුවේ පරම සිංහල බෞද්ධ සුජාත භාවය අහෝසි වී ගිය බව හෙළ බොදු සවිය සංවිධානය සඳහන් කරයි.

ඒ බව සදහන් කරමින් එම සංවිධානය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

20 සම්මත කරගැනීමෙන් පසු ආණ්ඩුවේ සිංහල බෞද්ධ සුජාභාවය නැති වුනා2015 දි 19 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය සම්මත වු අතර ඊට විරෝධි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුයේ මන්ත්‍රින් 156කින්ය. මෙම ආණ්ඩුවේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පරම සිංහල බෞද්ධ සුජාත භාවය අහෝසි කර ගත්තේය.

මෙම ආණ්ඩුව බලයට පත් කිරිමට වැඩ කරන ලද්දේ කුඩා සිංහල සංවිධාන හා මෙරට භික්ෂුන් වහන්සේලාය. එම භික්ෂුන් වහන්සේලා දානයේ දි, පාංශුකුළයේ දි ධර්ම දේශනයේ දි අනුශාසනා කලේ පැවති යහපාලන ආණ්ඩුව සුළු ජාතින්ට වරප්ප්‍රසාද, වරදාන දෙන බැවින් ගෝඨාභය ජනාධිපති තුමා ඇතුළු වත්මන් ආණ්ඩුවක් පත් කර ගන්නා ලෙසය. ඒ මගින් සිංහල බෞද්ධයන්ට තැන ලබා දෙන රටක් බිහිකර ගැනීමට හැකි වන බවයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි සැක කිසිම කෙනෙක් සමග මෙම ආණ්ඩුවේ බලධාරින් සම්බන්ධ නොවන බවට සහතිකයක් 69 නව ලක්ෂයක් ජන්දය දුන් ජනතාවට ජන්දයට පෙර කියා සිටිහ. 20වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ රටේ ශාසනික හා සමාජ මෙහෙවරෙ විවිධාකරයෙන් කැප වි සිටින භික්ෂුන් වහන්සේලාගේ 20 වන සංශෝධනයට දැඩි විරෝධයක් එක් කළේය. එය තඹ දොවිතුවකට මාහිම් කලේ නැත.

ගරු ජනාධිපති තුමා රුවන්වැලි සෑරුදුන් අභියසදීත්, රාජාසන කතාවේ දිත් තමා කෙරහි විශ්වාසය තබා රටේ නාකත්වයට පත්කල මහා සංඝරත්නයට ද, සිංහල බෞද්ධ ජනතාවට ද අනුයෝගිව හා අනුගතව ක්‍රියා කරන බවට දෙවරක් ම මෙරටේ ජනතාවට ප්‍රතිඥා දුන්නේය. එසේම මෙරට පිළිගත් භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා ගත්තහ. එම උප දේශක සභාව කැදවිමක් හෝ 20 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය සම්බන්ධායෙන් අනුශාසනක් ලබාගෙන නොමැත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට හා අනපනත් සමත කර ගැනිම උදෙසා සුළු ජාතික මන්ත්‍රින්ට විවිධ රජයේ වරක්ප්‍රසාද තනතුර තානාන්තර ලබා දෙන අයුරු ඉදිරියේ දි බලාගත හැක.එසේම බලගතු අධිකරණ වැනි ආමත්‍යංශයක් ලබා දි මුස්ලීම් මන්ත්‍රිවරුන් සම්බන්ධ කරගනිමින් ඇත.

එබැවින් අදවන විට සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු එකින් එක බිද හෙළමින් ඇත. ජන්දයට පෙර මෙම ආණ්ඩුවේ බොහෝ අය කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රිවරුන් කිසි දිනක අනපත් සම්මත කරගැනීමට යොදා නොගන්නා බවයි. යොදා ගන්නා දවසට තමන් මෙම අණ්ඩුව සමග එක විනාඩියක් ගත නොකරන බව දැඩි ස්වරයෙන් කියා සිටිහ. එබැවින් මෙම ආණ්ඩුව ද සිංහල බෞද්ධ ජනතාවගේ ඒ අහිංසක බලාපොරොතු බිද දමා සුළු ජාතින්ගේ අනුහසින් ඉදිරියට යමින් ඇත.

බුදගල ජිනවංස හිමි

සභාපති

Related posts

නුවරඑළියේ වැඩිම මනාප ජීවන් තොණ්ඩමන්ට

colombotoday

අසාද් සාලි, මුජුබර් රහුමාන්, රිෂාඩ් බදුර්දීන් 2016 දැමූ පැමිණිල්ලට ඥානසාර හිමිට අධි චෝදනා. මහාධිකරණයෙන් ලක්ෂ 10ක ශරීර ඇප

colombotoday

රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයි

colombotoday

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙකු ලබන 26 තෙක් රිමාන්ඩ්

colombotoday

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

colombotoday

අද උදේ සොයාගත් මරාගෙන මැරෙන ඇදුම් හා පුපුරණ ද්‍රව්‍ය මෙන්න (PHOTOS)

colombotoday