Colombo Today Local News

ආණ්ඩුව නඩුවකින් පරදී… ප්‍රංශ සමාගමකට කෝටි 137ක් ගෙවන්න නියෝග… මුදල් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක්

ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය හිමිකාරිත්වය සහිත හෝටල් 2ක් විකුණා දැමීමට රජය සැලසුම් කොට තිබේ.

කොළඹ හිල්ටන් හෝටලයේ රජය සතු කොටස් 51% ප්‍රමාණයත්, කොල්ලුපිටියේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින කාමර 458කින් සහ මහල් නිවාස ඒකක 100කින් සමන්විත කොළඹ හයට් හෝටලයත් එසේ විකුණා දැමීමට කටයුතු කෙරෙමින් තිබේ. පසුගිය ආණ්ඩුව යටතේ හයට් හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කළ අතර වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එහි ඉදිකිරීම් නවතා දැමිණි.

මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීම් සිදුකරන ලද්දෙ ප්‍රංශ සමාගමක් විසිනි. ඉදිකිරීම් නතර කිරීමට විරෝධය දක්වමින් ප්‍රංශ සමාගම සිංගප්පූරුවේ අධිකරණයේ වන්දි ඉල්ලා නඩුවක් පැවැරූ අතර එම සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් ගෙවීමට නියම කර තිබේ. මේ මුදල ගෙවීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කොට ඇති බවද වාර්තා වේ.

Related posts

දකුණේදී බුරා පනින පොලිස්පති උතුරේදී හා පැටියෙක්.. සිංහනාද කරන ඇමතිලා ඇදන් යට

colombotoday

SF ලොකූ අත්අඩංගුවට ගැනීමට පෙර සොයිසාගේ ඝාතනය ගැන වීඩියෝවකින් කී ආන්දෝලනාත්මක කතාව

colombotoday

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ කාර්යාලයේ තිබී ආයුධ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

Admin

බංග්ලාදේශය ලකුණු 178කට සීමා විය

Admin