Colombo Today Local News

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ- ඩලස්

ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා හෝ පූජක පක්ෂයේ පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් කිසිවෙක් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත නොකරන බවත්, ඔවුන් සියලු දෙනා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගන්නා බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

උපාධිධාරී අභ්‍යාස යෝජනා ක්‍රමය වරින් වර විවිධ රජයන් විසින් අඩු වැඩි වශයෙන් ක්‍රියාවට නංවන ලද්දක් වන අතර, එහිදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජක පක්ෂය විවිධ රාජ්‍ය ආයතන වල සංවර්ධන නිලධාරීන් ලෙස පත් කිරීම තුළ බරපතළ ගැටලුවක් මතුවී තිබුණි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් සහ අගරදගුරුතුමන්ලා විසින් ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් දැනුවත් කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ෂයේ ආරම්භයේදී ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය කිසිම පූජකවරයෙකු හෝ කන්‍යා සොයුරියක් කිසිම රාජ්‍ය ආයතනයක සංවර්ධන නිලධාරී තනතුරෙහි ස්ථානගත නොකිරීමට තීරණය කොට ඇත.

මෙහි ප්‍රථම පියවර සලකුණු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී සේවයෙහි යෙදී සිටි භික්ෂූන් වහන්සේලා විසි තුන් දෙනෙකුට අද(27)දින අධ්‍යාපන අමාත්‍යතුමන් ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ගුරු පත්වීම් ප්‍රදානය කරනු ලැබිණි.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

“මෙය පාසල් පද්ධතිය හා රටේ අධ්‍යාපනය අභියෝගයකට ලක් වූ අවස්ථාවක්. රට වෙනස් කරන්න අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය වෙනසක් විතරක් නෙමෙයි.

දරුවන් තාවකාලිකව නිවාස අඩස්සියේ සිටින මොහොතක, විභාග ගැන අධ්‍යාපනය ගැන තාවකාලිකව අපේක්ෂාභංගත්වයට පත්වෙලා ඉන්න වෙලාවක ඔබ වහන්සේලාට, පූජක තුමන්ලාට, කන්‍යා සොයුරියන්ට, මේ සඳහා මැදිහත් වන්න කියලා මම ආරාධනා කරනවා…” යැයිද පැවසීය.

Related posts

මහ වැස්සෙන් කොළඹ පවුල් 5585ක් අවතැන්

colombotoday

අර්බුදය අවසන් වනතුරු පාර්ලිමේන්තුවට එන්නේ නෑ – මන්ත්‍රී චාමර සම්පත් මැතිසබේදී කියයි

colombotoday

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

colombotoday

පිපිරුමක් සමග මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය අවස්ථාවේ වීඩියෝව මෙන්න (Video)

colombotoday

පොදු හතුරා එළෙව්වා.. ඒ මදිද.. පොඩ්ඩක් ඉවසන්න.. සහන පෝළිමක් එනවා – සුජීව

colombotoday

ජනපති යෝජනා කරයි.. එස්බී ස්ථීර කරයි.. සන්ධානයේ නව මහලේකම් මහින්ද

colombotoday