Colombo Today Local News

අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු කාලයත් ඉහළට…

දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යාහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මේ වනවිට දෛනික විදුලිඉල්ලුම මෙගාවොට් දෙදහස් තුන්සියයකට අධික බවත්, විදුලි ඉල්ලුම ඉහළ ගියද, ජලවිදුලි නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවත් එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.පී. ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේනිසා ජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කර මණ්ඩලයට සහයෝගය ලබාදිය යුතු බවත්, එවැනි තත්ත්වයක් මත සිංහල අලුත් අවුරුදු සමය වනතෙක් දැනට සිදුකරන විදුල් කප්පාදුව සිදුකළ හැකි බවත් ‘අද’ කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේය.

2015 වසරේදී ඉදිකිරීමට සැලසුම් කළ සාම්පූර් විදුලි බලාගාරය ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ නම්, මෙවැනි තත්ත්වයක් උදා නොවන බවත්, එහෙත් විවිධ හේතු නිසා එය සිදු නොවූ බවත් සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

සාම්පූර් බලාගාරයෙන් මෙගාවොට් පන්සියයක විදුලි බලයක් ලැබීමට නියමිතව තිබූ බවත්, වර්තමානය වනවිට පද්ධතියට අවශ්‍ය වී ඇත්තේ මෙගාවොට් තුන්සියයක ප්‍රමාණයක් බවත්ඔහු සඳහන් කළේය.

Related posts

විදේශයන්හි සිරවූ ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ආහාර ආධාරයක්

Admin

නාගානන්ද නයිනටවන වංචා කාරයෙක්. ගාමිණි වියන්ගොඩ කියයි

colombotoday

ජනපතිගේ දිනක වියදම කෝටිය පනී.. අධ්‍යාපනයට බාගෙට බාගයක් කප්පාදුයි !

colombotoday

එක්ටා සහ අගමැති රනිල් හරහා එලියට එන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාවයි! – ජවිපෙ

colombotoday

පුද්ගලයෙකුට පහරදී මුදල් හා ස්වර්ණාභරණ පැහැරගත් එජාප මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday