Colombo Today Local News

අයි.එස්.අයි.එස් සමඟ සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයකු රිමාන්ඩ්

පාස්කු ප‍්‍රහාරය අයි එස් අයි එස් ත‍්‍රස්ත සංවිධානය සිදුකළ ප‍්‍රහාරයක් බවට දිරිගැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් එම ත‍්‍රස්ත සංවිධානය සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත්වූ බව කියන ව්‍යාපාරිකයකු ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රකාරව දින 30 ක කාලයක් රඳවා ප‍්‍රශ්න කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අද (11) මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මඩකලපුව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචි අහමදු මොහම්මදු අර්සාද් නැමැති ව්‍යාපාරිකයෙකි.

කොළඹ කිංස්බරි හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවන් සම්බන්ධ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයට අදාළව මෝෂන් පත‍්‍රයක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණී.

Related posts

මාණික්කමඩු විහාරයට නැවතත් “සංහිදියාව” හරස් වෙයි.. ඉදිකිරීම් අත්හිටුවමින් නියෝගයක් !

colombotoday

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin

දරුවන්ට අන්තවාදය ඉගැන්වූ හිස්බුල්ලාට යුරෝපයේ රටවල් 8ක සහය

colombotoday

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

colombotoday

තේක්ක දැව කදන් ලොරියක් බලන්ගොඩදී අත්අඩංගුවට

colombotoday

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

colombotoday