අද පැවැත්වෙන අයවැය අවසන් ඡන්ද විමසීමේදි ඡන්දය දීමෙන් වැළකී සිටිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
මෙවර අයවැය ඡන්දය දෙන අකාරය පිළිබද සාකච්ඡා කිරීමට පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම තීරණයකින් තොරව අවසන් විය.
එහිදි ඇතැම් මන්ත්‍රීවරුන් පවසා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදු විපක්ෂය මන්ත්‍රීවරු සමග පැවැත්වෙන සාකච්ඡාවේදි ඒ පිළිබදව තීරණයක් ගන්නා බවය.