Colombo Today Local News

අම්පාරේ සිට කොළඹට ගෙන එමින් තිබූ ඇමෝනියා අත්අඩංගුවට

අම්පාරේ සිට කොළඹ බලා රාත‍්‍රී කාලයේ ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ඩිකිය කොටසේ තිබී හමුවූ ඇමෝනියා කිලෝ එකසිය පනහක තොගය කාගේ උවමනාවක් මත ගෙනෙන ලද්දැක් ද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව රත්නපුර පොලීසිය පවසයි.

ඊයේ (9දා) රාත‍්‍රියේ රත්නපුර නගරයේ වාහන සෝදිසි කිරිමක දී අම්පාරේ සිට කොළඹ බලා යමින් තිබූ පුද්ගලික බස් රථයක් පරීක්‍ෂා කිරීමේ දී කිලෝග‍්‍රෑම් 150 ග‍්‍රෑම් 180ක් බරැති කැට ලෙස තිබූ ඇමෝනියා පාර්සලයක් හමුව තිබේ.

එහි අයිතිකරුවෙක් මගීන් අතර නොසිටි නිසාත් පාර්සලය බස් රථයේ පිටුපස ඩිකිය තුළින් හමුවූ  නිසාත් එය දැමූ පුද්ගලයා පිළිබඳව නොදන්නා බව පැවසීමෙන් කොන්දොස්තරවරයා සහ රියාදුරා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි.

අත්අඩංගුවට පත් රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම ඇමෝනියා තොගය බස් රථයේ ඩිකියට ඇතුළු කිරීම නොදන්නේ නම් බස් රථයේ අයිතිකරු විසින් එය කළේ ද යන්න සොයා බැලීම සඳහා අයිතිකරුගෙන් ප‍්‍රශ්න කිරිමට පොලීසියේ අවධානය යොමුව ඇති බවද පොලීසිය පැවසුවේය.

අම්පාරේ සිට මේ ඇමෝනියා තොගය බස් රථයෙන් එව්වේ කාටද, කුමක් සඳහා ද යන්න ගැන හෙළි කරගැනීම තුළින් අපරාධ සැලසුමක් ඇද්දැයි අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

Related posts

වොෂින්ටන් ගිවිසුම හා ව්‍යවස්ථා මර උගුලේ දිග පළල

colombotoday

ලංගම බස් රථයක ගමන්කර කොවිඩ් ආසාදනය වුනොත් වන්දි

colombotoday

උතුම් නවම් පොහොය අදයි !

colombotoday

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

Admin

තොණ්ඩා සහ මාලිමාව ගැටෙයි

Admin

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

colombotoday