Colombo Today Local News

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය 2020.03.27 දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයෙන්ද මව්බිමට පැමිණීමට අපේක්ෂිත විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ රටතුල කොරොනා වෛරසය මර්ධනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේම සුරක්ෂිතව වෙසෙන ලෙසත්, ශ්‍රී ලංකාව තුල කොරොනා වෛරසය මර්ධනය කිරීමෙන් පසු මව්බිමට ගෙන්වා ගැනීම සලකා බලන බවත්ය.

කුවේට් රජය ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය පිළිබඳව තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය දැනුවත් කර ඇති අතර, ජනාධිපති මාධ්‍ය නිවේදනය මගින්ද දන්වා ඇති පරිදි, ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව, ලංකා රජයෙන් ලැබෙන උපදෙස් පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අදාල බලධාරීන් ක්‍රියාත්මක වනු ඇත.

පොදු සමා කාලයේ අකාම නැති සහ නීත්‍යානුකූල නොවන අන්දමින් රටේ තව දුරටත් රැදී සිටින අයවලුන්ට දඩ ගෙවීමකින් හෝ සිරගත වීමකින් තොරව ලංකාවට පිටව යා හැක

2020.03.28 දින කුවේටයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය කුවේට් රජය සමඟ පැවැත්වූ සාකච්ඡාව අනුව, මෙම කටයුත්ත සම්බන්ධීකරණය කරගැනීම සඳහා කුවේට් තානාපති කාර්යාල භූමියෙන් පරිබාහිර පොදු ස්ථානයක් කුවේට් රජය මගින් නම් කිරීමට නියමිතය.

එම ස්ථානය පිළිබඳ තොරතුරු ලද වහාම කුවේට් තානාපති කාර්යාලයේ මුහුණු පොත හරහා ඔබ වෙත දැනුම් දීමට කටයුතු කරන අතර, මේ මොහොතේදී නිවෙස් තුලටම වී සිටීමට කුවේට් රජය විසින්ද උපදෙස් දී ඇති අතර, ඔබගේ වාසස්ථාන වලට වී සුරක්ෂිතව සිටින ලෙස ඉල්ලා සිටිමු.
(https://www.facebook.com/SriLankaEmbassyinKuwai

තවද, අවශ්‍ය වුවහොත් පහත දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඔස්සේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන්න.
දුරකථන අංක – 65000118 / 97507875

විද්‍යුත් තැපෑල – slemb.kuwait@mfa.gov.l

– ඩොන් –

Related posts

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

සහරාන් යටතේ අන්තවාදී පන්ති පැවැත් වූ තවත් අයෙක් TID අත්අඩංගුවට

colombotoday

සංහිදියාවේ ඇස් අහක බලද්දී “දිවි සරණ” අරන් බොදු බලේ බෝගස්වැවට යයි

colombotoday

මෛත්‍රී එදත් කරේ නහයෙන් අඩන එකයි… පම්පෝරිය විතරයි, වැඩ නෑ.. යුද්ධ කාලෙ මෙයා හිටියනම් විනාසයි

colombotoday

රට පාලනය කරන්නේ ආණ්ඩුවද? පාතාලයද? – ඤාණසාර හිමි

colombotoday

ට්‍රැක්ටරයක් පෙරලී හමුදා නිළධාරීන් 7කට තුවාල

Admin