Colombo Today Local News

අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන. ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා…

ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

තමන් අමාත්‍යධූරය ලබාගන්නා අවස්ථාවේ ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අප්පිරියාව නිසා රට වැටෙන තුරු බලා සිටීම ඊටත් වඩා අප්පිරියාවක් බැවින් ආසයි බයයි කියමින් නොසිට රට වෙනුවෙන් තීරණයක් ගත් බව කී ඇමතිවරයා ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බව ද කීවේය.

මේ අවස්ථාවේ කළ යුත්තේ සර් පාස් කිරීමට වඩා රට පාස් කිරීම බව කී ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්කිරීම කළ යුතු ආකාරය ඇතුළු කරුණු 7ක් සම්බන්ධයෙන් ඇමතිධූරය ලබාගැනීමට පෙර අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව ද පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20)දින පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියට කොන්ද කෙලින් තබාගෙන ගොස් කතා කිරීමට හා බැණ වැදීමට තමාට අදටත් හැකියාවක් ඇතැයි ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

වත්මන් අභියෝගය සජිත් ප්‍රේමදාස මහතා භාරනොගත් අවස්ථාවේ එය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කකුලෙන් අදින ප්‍රතිපත්තියක තමන් නොමැති බව කී ඇමතිවරයා ආණ්ඩුවට එක්වීමේ තම තීරණය හදවතින් ගත් එකක් බවත්, කලකදී විවේචනය කළ අය සමඟ එක් කැබිනට් මණ්ඩලයක අසුන් ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් කීවේය.

Related posts

සූර් වී ඇනගනී.. හිටපු ඇමති පුතා අත්අඩංගුවට

colombotoday

අගමැති කාර්යාලයේ “සමරිසි” පාඩමට මහා සංඝරත්නයේ විරෝධය (Video)

colombotoday

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි… එජාප බිම්මට්ටමේ පාක්ෂිකයාගේ මතය එයයි

colombotoday

එක එක්කෙනා කෑ ගහපු පලිඅයට පාස්කු වාර්තාව එළියට දාන්නේ නෑ

Admin

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැහැ

colombotoday

මීගොඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday