Colombo Today Local News

අපට අවශ්‍ය ණය නොවේ.. ආයෝජනයි.. ජනපති චීන තානාපති හමුවේ කියයි

සංවර්ධන ප්‍රයත්නයේදී තවදුරටත් විදෙස් ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අද උදෑසන නව චීන තානාපති ක්වි සෙන්හොන් මහතා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බවයි.

චීන තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීම සඳහා මෙම හමුව සිදු විය.

චීනය අත් කර ගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් මෙරට ඇති කර ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සිය ප්‍රධාන ඉලක්කය බව පැවසූ ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, ඒ සඳහා චීනයේ සහය අපේක්ෂා කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නව චීන තානාපතිවරයා පවසා ඇත්තේ, මෙරට සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට චීනය උපරිමයෙන් දායකත්වය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාසය බව ද ඔහු එහිදී පවසා ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම්, පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

colombotoday

දුමින්ද නිසා මහින්ද, ඩිලාන් ඇරගනී… ගුටි කෙළියක් අනූනමයෙන් වළකී… ඇමතිකමේ දිවුරුම් දීම අවිනිශ්චිතයි..

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

ලිත් නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ.. විදෙස් ගමන් තහනමත් ඉවතට !

colombotoday

ජනපති අද කඩුව වනයි.. එජාපය සියළු ආසන සංවිධායකවරුන් කොළඹට කැදවයි..!

colombotoday

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday