Colombo Today Local News

අතුරුදන් වූවන් පිළිබද ප්‍රාදේශීය කාර්යාල 12ක් රටපුරා

අතුරුදන් වූ පුද්ගලයන්ගේ තොරතුරු සොයා බැලීම සඳහා පත් කර තිබෙන කාර්යාලය යටතේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව ප්‍රාදේශීය කාර්යාල 12ක් ඉදිකිරීමට තීරණය කර තිබෙන බව එම කාර්යාලයේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළ බව මව්බිම පුවත්පත වාර්තා කර සිටිනවා.

මෙම කාර්යාල 12න් 8ක් උතුර – නැඟෙනහිර පළාත්වලත් ඉතිරි කාර්යාල 4න් 1ක් මාතරත් අනෙක් කාර්යාල තවත් ප්‍රදේශ 3කත් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවද එම නිලධාරියා කීය.

විවිධ ප්‍රදේශවල අතුරුදන් වූ පුද්ගලයන් ගැන තොරතුරු සෙවීම කඩිනම් කිරීම සහ පහසුකර ගැනීම මෙම ප්‍රාදේශීය කාර්යාල පිහිටු වීමේ ප්‍රධාන අරමුණ වේ.
මාස 6ක් ඇතුළත අතුරුදන් වූ පුද්ගලයන්ගේ තොරතුරු සොයා බැලීමේ ප්‍රාදේශීය කාර්යාල 12ක් ඉදිකර අවසන් කිරීමට නියමිතය.

Related posts

ලංකාව ගැන වාර්තා 2ක් සමඟ : මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිය අද සිට

colombotoday

යල කන්නයේ වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

Admin

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුවත්වීමක් තිබුනේ නෑ.. හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

ආණ්ඩුවේ සුළු පක්ෂ 12කින් යෝජනාවලියක්

colombotoday

හම්බන්තොට පිරිපහදුවට කැබිනට් අනුමැතිය ගත්තේ කංචන?

Admin

වසන්ත රෝහිණී ගැටෙයි

Admin