Colombo Today Local News

අජිත් ප්‍රසන්නගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි. යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන තරුණයින් එකොලොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව පැවැත්වෙන විභාගයට අදාළව  මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිද්ධිවක් සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කර තිබුණි.

මෙම නඩුව (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෙම සැකකරුවන් තුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකාර අජිත් ප්‍රසන්න වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණි.

එම චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබා දීමට තමන්ට බලයක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

පරීක්ෂණවල ප්‍රගතිය විමසූ මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ බව කියන කස්තුරිගේ ගාමිණී නමැති සැකකරුගේ බිරිඳ සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන විජය කාන්තන් යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  රහස් පොලිසියට නියෝග කළේය.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, එම පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන නිශාන්ත ද සිල්වා සහ නාවික ලුතිනන් කමාන්ඩර් චමින්ද වෙලගෙදර යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට නියෝග කරනු ලැබුවේය.

අනතුරුව සැකකරුවන් ලබන 14 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද රහස් පොලීසියට නියෝග කළේය.

Related posts

බ්‍රිතාන්‍ය මහාධිකරණය මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නඩු තීන්දුව ඉවතදමයි

colombotoday

ඩෙංගු මර්දන සහායකයින් අඛණ්ඩ උපවාසයක

Admin

ප්‍රථිකාර සේවා ප්‍රතික්ෂේප කරන කොවිඩ් ආසාදිතයිට එරෙහිව නීතිමය පියවර

colombotoday

චමුදිතට එල්ලවූ අසූචි ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි.

colombotoday

අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය පිටුවහලක් වූනා – ජනපති.

colombotoday

ඩිසල් ලීටර් දහසක් සමග ගම්මුලාදෑනීගෙ මල්ලි පොලීසියට මාට්ටු

colombotoday