Colombo Today Local News

අගාධයට වැටුණු රට විශ්වාසභංගයෙන් පසු ගොඩ ගන්න පුලුවන් කාටද? – හිටපු ඇමති විජේදාස කියයි

විශ්වාසභංගය පරාජය කිරීමෙන් පසු හෝ ජයග්‍රහණය කිරීමෙන් පසු සිදු කරන ස්‌ථිර වැඩපිළිවෙළ දෙපාර්ශ්වයම මේ වන තෙක්‌ හෙළි කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‌ෂ මහතා පවසයි.

විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තීරණයක්‌ දෙන විට ජනතා මතය සැලකිල්ලට ගත යුතුයි. ඒ වගේම රටේ සුරක්‌ෂිතතාවය පිළිබඳ සැලකිල්ලට ගත යුතුයි.

විශ්වාසභංග යෝජනාව ගෙනෙන පාර්ශ්වයෙන් අපි ඇහුවා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළොත් කවුද ගේන්නෙ කියලා. කොරෙක්‌ දීලා අන්ධයෙක්‌ ගත යුතු නෑනේ. ගේන කෙනා නිල්, කොළ, රතු කියලා වැඩක්‌ නෑ. රට පත්ව ඇති අගාධයෙන් ගොඩ ගන්න පුළුවන් අයෙක්‌ විය යුතුයි. අද රට අගාධයට වැටිලා. කෘෂි කර්මාන්තය ආර්ථිකය වැටිලා. ආයෝජන පිරිහිලා. නීතියේ ආධිපත්‍ය ගැන විශ්වාසය බිඳ වැටිලා. මෙයින් රට ගොඩ ගන්න පුළුවන් ප්‍රතිපත්තියක්‌ තියෙන, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි පෞරුෂයක්‌ තියෙන අයෙක්‌ විය යුතුයි පත් කරන පුද්ගලයා. ඒ වගේම ජාත්‍යන්තරයේ අපේ රටට ප්‍රශ්න වැඩියි. ඒවාටත් මුහුණ දිය හැකි අයෙක්‌ විය යුතුයි.

ඒ වගේම විශ්වාසභංග යෝජනාවට විරුද්ධව සිටින රට අගාධයට ගෙන යැමට වගකිවයුතු එක්‌ කණ්‌ඩායමක්‌ වන එජාපය ද විශ්වාසභංගයෙන් පසුව රට ගොඩනැඟීමට ඔවුන් සිදු කරන වෙනස, කැපවීම රටට තහවුරු කළ යුතුයි. පාර්ශ්ව දෙකම අද වනතෙක්‌ සැලසුම් කියලා නෑ. ඒ නිසා ඉදිරි දින කිහිපයේදීවත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

ජනතාවට අද පක්‌ෂ, පාට පුද්ගලයා වැදගත් නෑ. ප්‍රතිපත්තිය පමණයි වැදගත්. ඉදිරියේදී සිදු වන දේවල් ගැන අවධානයකින් පසුව තීරණයක්‌ ගන්නවා.” යෑයිද හෙතෙම කියා සිටී.

Related posts

මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන…

colombotoday

ජාත්‍යන්තර මහා සඟ සමුළුව 2018 – දෙසැම්බර් මස ජපානයේදී

colombotoday

”අඩු තරමේ මංගලටවත් නොකිය ඉන්න තිබුණා…” රෝහිතගේ මගුලට ආරාධනා නොලැබූ මධුමාධව බුකියේ දාපු පොස්ට් එක..

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

තවුහිද් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදා හැරිමට නියෝග

colombotoday

තණමල්විල ගංජා හේනක් වටලයි

Admin