අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ. මෙය අද දිනයේදීම සලකා බැලිමට පක්ෂ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.එම විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට ලබාදී ඇත.
අගමැති, ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක හා සභානායක හැරෙන්නට සෙසු මන්ත්රීවරු නිදහස් අසුන් ගැනීමක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.
මෙහිදී එම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩු පක්ෂය විරුද්ධ වී තිබේ. මෙහිදී සභා ගර්භයේ බහුතරයේ තීන්දුව මත තීරණයක් ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.