නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය විසින් හදිසියේ ඉවත් කළ අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් යළින් සභාපති තනතුරට පත්කර තිබෙනවා. නිංලග සමරසිංහ මහතා සදහන් කළේ ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා තමන් වෙත දුරකථනයෙන් අමතා අදාළ ධූරයේ තව දුරටත් කටයුතු කරන ලෙස දැනුම් දුන් බවයි.