Colombo Today Local News

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

වසර පහකට අධික කාලයක් හරක් මස් අලෙවි නොකළ වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් මස්කඩය 2018 වර්ෂය සඳහා ටෙන්ඩර් නොකිරීමට ඊයේ (10දා) වැල්ලවාය ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී. හරමානිස් මහතා පැවැසීය.

මේ මස්කඩය සඳහා 2013 වසරේ සිට 2016 වසර දක්වා ටෙන්ඩරයෙන් ලබාගත් ගැනුම්කරුවන් එහි මස් අලෙවියක් නොකර ප්‍රදේශයේ ගව ඝාතනයට තිත තබමින් වසා දමා තිබිණි. ඒ සඳහා වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රෝහණ වන්නිආරච්චි මහතා හා ව්‍යාපාරික රංජන් ද සිල්වා යන මහත්වරුන් මූලිකත්වය ගත් අතර ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරුන් හා විශාල පිරිසකගේ දායකත්වය ලැබිණි.

ඒ අනුව නව සභාවේ දෙවැනි රැස්වීම් වාරයේදී මේ සම්බන්ධ සභාපති ආර්.ඩී. හරමානිස් මහතා සභාවට ඉදිරිපත් කළ අතර මේ මස් කඩය ටෙන්ඩර් නොකිරීම සම්බන්ධයෙන් වූ යෝජනා පොදුජන නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ජගත් හේමන්ත මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි සුනිල් ඩී. ආනන්ද මහතා හා ස්වාධීන මන්ත්‍රි යූ.එස්.පී. බණ්ඩාර යන මහත්වරු විසින් ස්ථිර කරන ලදී.

Related posts

සමගි ජන බලවේගය අවුලෙන් අවුලට. | කෘත්තියාධිකාරී මණ්ඩලයේ සහය ඩයනාට | සජිත්වත් ඩයනාට පන්නා දැමිය හැකියි.

colombotoday

“ජගත් ජයසූරියට විරුද්ධව මාත් සාක්ෂි දෙනවා” – ෆොන්සේකා

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අභාවප්‍රාප්ත වෙයි

Admin