Colombo Today Local News

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙහි 51%ක කොටස් ඇතුළු එහි සම්පූර්ණ කළමනාකාරිත්වය චීනයට පැවැරීමට ගිවිසුම් ගසා ඇතැයි දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි.

අදාළ ගිවිසුමට අනුව කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටිය හා ජාත්‍යන්තර බහලුම් පර්යන්ත යන ජැටි දෙකම චීනයට අයිති වන බව එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසීය.

චීනයට පැවරෙන එකී 51%න් 70%ක් චයිනා හාබර් සමාගමටත් ඉතිරි 30% ලංකාවේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගම් දෙකකටත් පවරා ඇති බව තමා සතු එම ගිවිසුම තුළ සඳහන් යැයි ඒ මහතා කීය.
ඔහු තවදුරටත් පැවැසුවේ මෙම පැවැරීමට අදාළ ටෙන්ඩර් කැඳවීම තුළද යම් ප්‍රශ්නයක් පවතින බවයි.

ඒ අනුව තම සංවිධානය තොරතුරු දැනගැනීමේ පනත යටතේ වරාය අධිකාරියෙන් තොරතුරු විමසීමට සූදානම් බවද හෙතෙම වැඩිදුරටත් කීය.

Related posts

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි අතුරුදන් ?

colombotoday

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිළේ විදුලිය…

colombotoday

අපි පාස්කු ප්‍රහාරට අලුත් පරීක්ෂනයක් කරනවා

Admin

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

අද සිට රට පුරා විදුලිය කප්පාදුවන වේලාවන්

colombotoday

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday