Colombo Today Local News

පොහොට්ටුවේ 4ක් ඇතුළු පක්ෂ 15ක නාම යෝජනා 18ක් විසිවෙයි !

පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දෙවන අදියර යටතේ නාමයෝජනා කැදවූ පලාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර කිහිපයක් ප්‍රතික්ෂේප වී තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ආර්.එම් වන්නිනායක මහතා පවසයි.
පක්ෂ ලේකම්වරයාගේ අත්සන සහතික නොකිරීම හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව ඔහු සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 04 ක් සඳහා ලබාදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
ඒ අනුව යාපනය මහ නගර සභාව, වලිකාමම් උතුර, වලිකාමම් නැගෙනහිර සහ ඩෙල්ෆ් යන ප්‍රාදේශීය සභා සඳහා පොදුජන පෙරමුණ ලබාදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය, නියමිත කාන්තා නියෝජනය නොමැති වීම හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා කියා සිටියේය.
දික්වැල්ල ප්‍රාදේශීය සභාව සඳහා මව්බිම ජනතා පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ බව ද ඔහු සඳහන් කළේය.
කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජනතා පක්ෂය ලබාදුන් නාමයෝජනා පත්‍රය අපේක්ෂකයන් නියමිත සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබේ.
ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සඳහා එක්සත් සමාජවාදී පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ ද අපේක්ෂකයින් නියමිත සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහන් කර තිබී හේතුවෙන් ප්‍රතික්ෂේප  කර ඇති බව වාර්තා වෙයි.

Related posts

මහා පරිමාණ ඉන්දීය පාවහන් සමාගමකට මෙරට දොර අරී.. දේශීය පාවහන් කර්මාන්තය අවසන් ගමනේ

colombotoday

යාපනය දිස්ත්‍රික්කයට යළි දැනුම් දෙනතුරු ඇඳිරිය දිගු කරයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

Admin

අගමැතිත් බැඳුම්කර කොමිසමට…! කැදවිමටත් පෙර යන්න තීරණය කරයි

colombotoday

පොලිසියට පාට් දැමූ වෙන්නප්පුව එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනිය රිමාන්ඞ්

colombotoday