Colombo Today Local News

තෙල්දෙණියේ තරුණයන්ට බලපාන නීතිය විජයකලාට බලපාන්නේ නැද්ද?

බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු නියෝජිතයන් පිරිසක් කෝට්ටේ ශ්‍රී කල්යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධර්මාලංකාර මහා නායක හිමි බැහැදැකීම, 2018 ජූලි 03 අඟහරුවාදා පෙරවරු 10 ට කොට්ටාව, රුක්මල්ගම ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේදී සිදුවිය.

මෙම අවස්ථාවේදී විජයකලා මහේෂ්වරන් ඇමතිනිය විසින් ඊයේ දින සිදුකල ප්‍රකාශයක් පිළිබඳව මධ්‍යවෙනින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි දැක්වූ අදහස් මෙසේය.

“මං හිතන්නේ මේ දවස්වල අපි වියදම් නැතුව කොමඩි ෆිල්ම් බලනවා. සිනමාවේ විකට නළුවන් ඉන්නෙත් කිහිපදෙනයිනේ. දැන් ඉතිං නොමිලේම අපිට මාධ්‍ය තුලින් උතුරේ සහ දකුණේ දේශපාලකයන්ගේ කවටකම්… සරලව කිවුවොත් විහිළු නාට්‍ය සපයමින් සිටිනවා දේශපාලකයෝ. ඉතින් අපිට පිළිකුලක් ඇති වෙනවා මේ රට මොකද්ද කියලා.”

“එක රටක තිබිය යුත්තේ එක නීතියයි. ඒක උතුරටත් දකුණටත් පොදු විය යුතුයි. අපි හැමදාමත් කියනවා වගේ උතුරේ සහ නැගනහිර දේශපාලන බලය ලබාගැනීම වෙනුවෙන් දිගින් දිගටම ජාති බේදකාරී ප්‍රකාශ නිකුත්කරන විජයකලාට දෙන දඬුවම මොකද්ද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒක තෙල්දෙණියේ තරුණයන්ට වගේම විජයකලාටත් වලංගු විය යුතුයි. බලමු මේ රටේ බලධාරීන් ICCPR පනතත් අරගෙන විජයකලාවත් වටලන්න යයිද කියලා.”

“දැන්නම් අපිට හිතෙනවා මේක මොන පිස්සන්ගේ රටක්ද කියලා. ඉතින් මේ හැම එකෙන්ම පෙනෙන්නේ මිනිසුන්ගේ වහල් කම.. මේ වහල්කමෙන් අත මිදිලා… මේ දේශපාලන කොලම්කාරයන්ගෙන්… මේ දේශපාලන නැට්ටුවන්ගෙන්… මේ දේශපාලන විහිළු සපයන්නන්ගෙන් මේ රට මුදවා ගැනීම සඳහා අපි අනිවාර්යයෙන් කැප විය යුතුයි.”

Related posts

මහඇමති විදුහල්පතිනිය දණගැස්සුවාමදැයි හොයන්න සර්වපාක්ෂික කමිටුවක් පත්කෙරේ

colombotoday

එජාපය එකට එක කරයි.. විශ්වාසභංගයට පෙර, විධායක ජනපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

හදිසි මෙහෙයුමක්

Admin

අද (16) සිට උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වේ.

colombotoday

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

colombotoday

“තත්ත්වය ව්‍යාකූලයි.. රට අරාජිකයි” – මල්වතු මහ නාහිමිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday