බොදු බල සේනාව මුස්ලිම් ජනතාවට පහර දී, මුස්ලිම් ජනතාව තමන්ගෙන් ඈත් කර තමන්ම ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට බොදු බල සේනා සංවිධානය කුමන්ත්‍රණය කළේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ බී බී සී ලෝක සේවයට ප්‍රකාශක් කර තිබිණි. තම රජය පැවති සමයේදී අමාත්‍ය චම්පික රණවක බොදු බල සේනාව වෙනුවෙන් පෙනී සිටි බවත්, ඇමති රාජිත සේනාරත්නද බොදු බල සේනා සංවිධානයට උදව් කළ බවත් හිටපු ජනාධිපතිවරයා සදහන් කළේය.
බොදු බල සේනා විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ බීබීසියට ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයාගේ චෝදනා ප්‍රතික්ශේප කර තිබෙනවා. සමීප දේශපාලකයන්ගේ සහ උපදේශකයන්ගේ බොරු ප්‍රකාශවලින් හිටපු ජනාධිපතිවරයා නොමග ඇර ඇති බවයි ඔහු සදහන් කළේ.