Colombo Today Local News

සම්ප්‍රදායට පිටුපාමින් වෙසක් පොහොය අප්‍රේල් මාසයට යොදා ගැනීම සිදුනොවිය යුත්තක් – මල්වතු පාර්ශවය

ශ්‍රී ලාංකික සම්ප්‍රදායට පිටුපාමින් මෙවර වෙසක් පුන් පොහෝ දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම කිසිසේත් සිදුනොවිය යුත්තක් බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් පවසනවා.

ජාත්‍යන්තර වෙසක් උත්සවය සහ අනෙකුත් බෞද්ධ රටවල වෙසක් පොහෝ දිනය මැයි මස 29 වන දාට යොදාගෙන ඇති බවයි අනුනාහිමියන් සඳහන් කළේ.

මැයි මාසයට යෙදෙන පහලොස්වක පොහෝ දිනය වෙසක් පොහොය දිනය ලෙස සැලකෙන අතර මැයි මාසය වෙසක් මාසය ලෙස හඳුන්වන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

මේ වසරේ වෙසක් පොහොය දිනය මැයි මස 29 වන දාට යෙදෙන පහලොස්වක පොහෝ දිනට යොදා ගැනීමට හැකියාව තිබුණු බවයි මල්වතු අනුනාහිමියන් තවදුරටත් කියා සිටියේ.

කිසිවෙකුගේ උපදෙසක් මත සාම්ප්‍රදායික ලෙස බෞද්ධ වර්ෂය පිළිගැනීමෙන් බැහැරව මෙවන් තීන්දු, තීරණ ගැනීම සමස්තයක් ලෙස සාවද්‍ය බව ද උන්වහන්සේ සඳහන් කළා.

Related posts

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

colombotoday

ඇප මත සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

අවි ගබඩාවේ ආරක්ෂාව දුර්වල කරේ කාගේ උවමනාවටද?

colombotoday

බදුල්ල ආසනයේ අලියා කොඩියට පරාජය වෙයි.

colombotoday

පාර්ලිමේන්තුව හදිසියේ කල් තැබීමක්

Admin

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

Admin