GossipWorld

“මත්පැන් පානය කරන, ලිංගිකව හැසිරෙන” කාන්තාවන් ගැන බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව කළඹයි

මත්පැන් පානය කරන, ඉතා රළු වචන කතා කරන කාන්තාවන් සිව් දෙනෙකු අතර පවතින බැඳීම විදහාපාන බොලිවුඩ් සිනමාපටයක් පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රබල සංවාදයක් මතු වී තිබේ.

‘Veere Di Wedding‘ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ පදනම් වෙන්නේ දිල්ලි නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ධනවත් පළාතක් පිළිබඳවය. පාසල් සමයේ සිට මිතුරියන්ව සිටි වැඩිහිටි ස්වාධීන කාන්තාවන් සිව් දෙනෙකු වටා මෙම කතා පුවත ගොඩ නැගී තිබේ.

ඉන් එක් අයෙකුගේ විවාහ උත්සවයක් හා බැඳුණු සිද්ධි දාමයක් මෙම චිත්‍රපටයේ තේමාව වී තිබේ.මිතුරියන් සිව් දෙනාම ඉතා නිදහසේ අසභ්‍ය වචන භාවිත කරන ආකාරය, මත්ද්‍රව්‍ය හා මත්පැන් පරිහරණය කරන ආකාරය සහ දඩබ්බර හැසිරීම් රටාවක් මෙම සිනමාපටය පුරාවටම දැකිය හැකිය.ඉන්දියාවේ පවතින නොයෙකුත් සාමාජයීය ප්‍රශ්න අතර යෝජිත විවාහයන්ට ඇති අකමැත්ත, සිරුරේ බර පිළිබඳ ප්‍රශ්න, මිතුරන් සහ ඥාතීන් විසින් පුද්ගලයන් විනිශ්චය කිරීම, අධික මුදලක් වැය කරමින් සංවිධානය කරන මංගල උත්සව සහ සිය දෙමව්පියන්ගේ මෙන්ම ස්වාමිපුරුෂයන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත ලබා ගැනීම වැනි කරුණු සිනමාපටයේ දැක්වේ.මෙම කාන්තාවන් සිව් දෙනා නිදහසේ අසභ්‍ය වචන භාවිත කරමින් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා ගැන විවෘතව කතා කිරීම ඉන්දියානු සිනමාවට නව අත්දැකීමකි. ලිංගික ආශාවන් සපුරා ගැනීම පිළිබඳ බිය සැක නොමැතිව කතා කරන ඔවුන් සිය ධනය ගැන තැකීමක් නොකරන බව ද එහි පිළිබිඹු කෙරේ.

Veere Di Wedding සිනමාපටය පසුගියදා සාර්ථක ලෙස එළිදැක්වීමත් සමග එහි කතා තේමාව සහ අන්තර්ගතය පිළිබඳ ට්විටර් සමාජ ජාලය ඔස්සේ නොයෙකුත් මතවාද පළ වන්නට විය. එහි එක් චරිතයක් රඟපාන ස්වාරා බාස්කර් (Swara Bhaskar) ස්වයං වින්දනයේ යෙදෙන දර්ශනයක් ඇතැමුන්ගේ දැඩි විවේචනයට හේතු වී තිබේ.

Related posts

ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් දිනුම්

colombotoday

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

colombotoday

ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමකින් Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

colombotoday

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

colombotoday

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවයි

colombotoday