World

ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය ආයතනවලට චීනයෙන් ඩොලර් මිලියන ගණනක් දීලා.

සුගිය මාස හය තුළ චීනයේ ඒජන්සියක් වන චයිනා ඩේලි විසින් ඇමරිකා එක්සත් ජනපදයේ පුවත්පත් සහ ප්‍රකාශන ආයතන සඳහා ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට ගොනු කර ඇති ස්වාධීන විශ්ලේෂක වාර්තාවක් මගින් මෙය අනාවරණය වී ඇති බව ඒඑන්අයි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

වාර්තාවට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන චයිනා ඩේලි පුවත්පත, ටයිම් සඟරාව, විදේශ ප්‍රතිපත්ති සඟරාව, ෆිනෑන්ෂල් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට් සහ තවත් ඇමරිකානු සඟරා සඳහා ඩොලර් ලක්ෂ ගණනක් ගෙවා ඇත.

ආරංචි මාර්ග වලට අනුව ටයිම් සඟරාවට ඩොලර් 700,000 ක් ද, ෆිනෑන්ෂල් ටයිම්ස් ඩොලර් 371,577 ක් ද, විදේශ ප්‍රතිපත්ති සඟරාවට (Foreign Policy Magazine) ඩොලර් 291,000 ක් ද, ලොස් ඇන්ජලීස් ටයිම්ස් ඩොලර් 272,000 ක් ද, වෙනත් සැලකිය යුතු මාධ්‍ය ආයතනවලට ඩොලර් මිලියනයකට වඩා මුදලක් ලැබී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන චයිනා ඩේලි, වොෂිංටන් පෝස්ට් වෙත ඩොලර් මිලියන 4.6 කට වැඩි මුදලක් ද 2016 නොවැම්බර් මාසයේ සිට දළ වශයෙන් ඩොලර් මිලියන 6 ක් “The Wall Street Journal” සඳහා ගෙවා ඇති බව ඩේලි කෝලර් පුවත්පත වාර්තා කරයි.

Related posts

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday

ඇමරිකාව අඩියක් පස්සට ගනී.. කිම් ජොන්ග් අන් හමුවෙන්න ට්‍රම්ප් ලෑස්තියි !

colombotoday

තලෙබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

රුසියාව සබ්මැරියනයක සිට නව මිසයිලයක් අත්හදා බලයි

colombotoday

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin