Colombo Today Local News

උපාලි අබේරත්න කොමිෂන් සභාව තම සීමාව පැනලා. | නීතිපති අධිකරණයට කියයි.

පසුගිය රජය සමයේ සිදුවූයේ යැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ උපාලි අබේරත්න කොමිෂන් සභාව එයට පැවැරී තිබූ නීතිමය බලතල ඉක්මවා කටයුතු කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (30) අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෙත්සම්කරු කටයුතු කර ඇත්තේ ඔහු වෙත පවරා ඇති නීතිමය බලතල හා රාජකාරි වගකීම් අනුව පමණක් බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අභියාචනාධිකරණයට කියා සිටියේය.

නීතිපති හා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරනු ලැබූ රට තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ නඩු කිහිපයක පැමිණිල්ල මෙහෙයවූ තමා වගඋත්තරකරුවකු ලෙස නම් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති අවසන් නිර්දේශ බල රහිත කරන ලෙස හා එම නිර්දේශ අනුව කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා විසින් එම පෙත්සම ගොනුකර තිබිණි.

එම පෙත්සම සලකාබැලීම සඳහා ලබන මැයි 12 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර, දේවිකා අබේරත්න, මායාදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල නියෝග කළහ.

Related posts

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday

සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ නාමල්ට ඇමැති ධුරයක් දෙනවාට ‘බ්ලැක් කැප්’ විරෝධය

colombotoday

මහ මඟදී රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

හොර චෙක් පත් වලින් සල්ලි ගත් තවත් අයෙක් කොටු වෙයි.

colombotoday

සනත් නිශාන්තගේ වීඩියෝ පට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

Admin

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධූරය ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩට

colombotoday