Colombo Today Local News

“ඔලුගෙඩි මාරුවකින් වැඩක් නැහැ… එජාප නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි” – එජාප මන්ත්‍රී මයන්ත

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවට පාක්ෂිකයා බලා‍පොරොත්තු වන්නේ යැයි මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී මයන්ත දිසානායක මහතා  (23) ප්‍රකාශ කළේය.

ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත ඇගැයීම් සම්මන්ත්‍රණය පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මයන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන විශාල බලා‍පොරොත්තු තියෙනවා. මීට වඩා වෙනසක් ඇති කරයි කියලා පාක්ෂිකයා හිතුවා යැයිද මන්ත්‍රීවරයා කීවේය. බලා‍පොරොත්තු වූ වෙනස සිදුවුණේ නැහැ. ඔළු ගෙඩි ටිකක් එහාට මෙහාට වුණාට වැඩක් නැහැ. කනගාටුයි යනුවෙන්ද පැවැසූ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රාහී ගමනක් සඳහා ගෙන යා හැකි වෙනසක් සිදුවුණේ නැහැ යැයිද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සඳහා අප ගෙන ගිය අරගලය අවසන් වී නැහැ. යැයිද මයන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජනපති ගෝඨාභය වෙනුවෙන් ඉන්දීය අගමැති මෝදි ට්වීටරයේ සිංහලෙන් තැබූ සටහන!

colombotoday

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කරයි

colombotoday

ලසන්ත ඝාතනයට චෝදනා එල්ලවූ හමුදා බුද්ධි අංශයේ “උදලාගම” ඇප මත නිදහස්

colombotoday

නැවතත් කොටි ඉල්ලන විජයකලාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

දිවයින පුරා කුඩා වැව් 10,000ක් සිඳී යයි – වැව්වල ළිං හාරන්න අවසර

Admin

‘අස්ගිරි පාර්ශවයේ නිවේදනය ගැන දැන්ම මොකුත් කියන්න බෑ.. පස්සෙ කියනවා“ – රාජිත

colombotoday