Colombo Today Local News

කෙසෙල් ඇවරිය ජනාධිපතිවරණයට. අපේක්ෂකයා සජිත්?

කෙසෙල් ඇවරිය ලකුණෙන් මීළඟ ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට එක්සත් ජාතික නිදහස් පෙරමුණ තීරණය කොට ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 65ක් සඳහා තරඟ කොට මන්ත්‍රී ආසන 21ක් දිනාගැනීමට සමත් වූ අතර එහිදී කොළඹ, ගාල්ල හා මීගමුව යන මහ නගර සභා වලද ආසනය බැගින් ජය ගැනීමට එම පක්ෂය සමත් විය.

අනුරාධපුර මැදවච්චිය ඡන්ද කොට්ටාශය ජයග්‍රහණය කරමින් අනෙක් සියලුම ප්‍රධාන පක්ෂ එහිදී පරාජය කිරීමට කෙසෙල් ඇවරිය ලකුණෙන් තරඟ කරන ලද එක්සත් ජාතික නිදහස් පෙරමුණ සමත් විය.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහා ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා වන අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි අමරසිරි මහතාය.

මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති කෙසෙල් ඇවරිය ලකුණ දරන එක්සත් ජාතික නිදහස් පෙරමුණ හරහා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බොහෝ දුරට ඉදිරිපත් විය හැකි බවට රටපුරා කතා බහට ලක්වෙමින් පවතී.

මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් අවස්ථාවක් නොලැබුණහොත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කෙසෙල් ඇවරිය ලකුණ යටතේ තරඟ කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Related posts

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

Admin

අපොස සාමාන්‍ය පෙළ ගැන ගත් තීරණය මෙන්න

colombotoday

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

ඉල්ලන ඕනම විදිහකට පොහොර සහනාධාරය දෙන්න සූදානම් – කෘෂිකර්ම ඇමති

colombotoday

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට එන්නත්කරණ වැඩසටහනක් ආරඹා විභාග පැවැත්විය යුතුයි – රවී කුමුදේශ්

colombotoday

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

colombotoday