Colombo Today Local News

ජවිපෙත් සමග එක්වී සම්මතකරගත් 20 සංශෝධනය රැකගන්න TNA උසාවි යයි

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප‍්‍රභ කරන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් ඊයේ (6) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු ඇතුළත් කොට සම්මත කර රජය මැතිවරණ කල් දැමීමෙන් තමාගේත් රටේ සමස්ථ ජනතාවගේත් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කොට ඇතැයි සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කොට ඇති අතර එය ඉදිරිපත් කර ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය ක‍්‍රියාත්මක කිරීම සහ භූක්ති විඳීම යන්න වැරදියට ක‍්‍රියාවේ යෙදවීමට හා භුක්කි විඳීමට බව පෙන්වා දෙන සුමන්තිරන් මහතා හිටපු අගවිනිසුරු ඉදිරිපත් කොට ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමට මැදිහත්වීමට තමන්ට අවසර ලබා දෙන ලෙසද ඉල්ලීමක් කොට ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා මෙන්ම නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය සහ කතානායක කරු ජයසුරිය මහත්වරුද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමිජිකයින් ද නම් කරනු ලැබ සිටිති.

Related posts

‘මේ රටට ඕන බෞද්ධ ඒකාධිපතියෙක්‘ – 2020 රටට ඕන නායකයා ගැන ඥාණසාර හිමි කතා කරයි

colombotoday

සරුවට ගංජා හේන් හතරක් වැවූ අයෙක් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday

අක්මීමන දයාරතන හිමි අත්අඩංගුවට ගනී..

colombotoday

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදීම පරදන්න සූදානම්.. තීරණාත්මක මොහොතේ ශ්‍රීලනිප සහය !!

colombotoday

ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේර ගමු… ශම්මි සිල්වා ගේ ආරක්ෂක පාතාලයා දැක ඇමති රොෂාන් බය වෙයි

Admin