Colombo Today Local News

බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල ඉරිදා සහ පොහොය දිනවල ටියුෂන් තහනම්.

ඉරිදා දිනවල සහ පොහොය දිනවලදී බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව  තීරණය කරන ලදි.

බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (18) මෙම කමිටු රැස්වීම පවත්වන ලදි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ ඉරිදා දිනවල සහ පොහොය දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීම තුලින් දහම් පාසල් අධ්‍යාපනය බිදවැටීමේ අවධානමක් පවතින බව මහා සංඝරත්නය පෙන්වා දුන් බවයි. මහා සංඝරත්නයේ ඉල්ලීම මත පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කරන බවත්, එම තහනම නිසි පරිදි සිදු වෙනවා දැයි සොයාබැලීම පොලීසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වගකීම බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

colombotoday

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයි

colombotoday

“රට වැටී ඇති හිඟන තත්ත්වයට ජනාධිපති, අගමැති, මුදල් ඇමැති වගකිවයුතුයි”

colombotoday

“රටට තියා දායකයන්ටවත් මූණ දෙන්න බෑ“ – රතන හිමි තීන්දුවක් ගන්න යයි

colombotoday