Colombo Today Local News

පොදු වැසිකිලි ගාස්තු නැවත ඉහල යයිද?

කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ වැසිකිළි භාවිත කිරීමේ දී අය කරනු ලබන ගාස්තු යළි සංශෝධනය කර තිබෙන බවක් වාර්ථා වේ.

පෙර අය කළ රුපියල් 20ක් ව පැවති ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට බලධාරින් පියවර ගෙන ඇති බවට ජනතාව චෝදනා ක‍රයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ, වැසිකිළි ගාස්තු ඉහළ නැංවීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් ඉහළ නැංවු ගාස්තු පෙර පැවැති මිල ගණන් දක්වා යළි සංශෝධනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් එම වැසිකිළි නඩත්තු කරන පාර්ශව වෙත දැනුම් දීමක් සිදු කර තිබේ.

ඒ අනුව ඊයේ පස්වරුවේ සිට පෙර පැවැති රුපියල් 20 ගාස්තු යටතේ ආදාළ අය කිරිම් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව සඳහන් කරයි.

Related posts

යහපාලන පොලීසිය ඥාණසාර හිමි සොයා රෝයල් පාක් වටලයි

colombotoday

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

21 සම්මත වුනොත් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් දොට්ට

colombotoday

සතොස ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ල දීම නවතයි

colombotoday

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

colombotoday

ඊ පාස්පෝර්ට් ක්‍රමවේදය නතර කරන්නේ නෑ

Admin