Colombo Today Local NewsTop Stories

ඝාතකයින්ට පොදු සමාව නොහොත් කලාකාමී මැතිඳුගේ මානසික ප්‍රහාරය

අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාවේ රෙදි ලෙෆ්ට් වන යමක් නැවතත් සිදුව තිබේ.

මෙවර මෙම සිදුවීමට මුලපුරන්නේ අනුර කුමාර ජනපතිගේ රජයේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යධුරය හොබවන කලාකාමී, විද්වත් සුනිල් සෙනෙවි මැතිඳුන්ය.

2025 අයවැය යෝජනාවලට අදාළව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී සභාව අමතමින් ඔහු සිදුකළ “පල්ලිවලට පහර දුන් අයට කිතුනු ජනතාව සමාව දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යන ප්‍රකාශය, එහි මුල් අදහසේ යම් යම් විකෘතිතා සහිතව සමාජ මාධ්‍ය හරහා වෛරල් වෙමින් ගියත්, එම ප්‍රකාශයේ පිටුපස තිබෙන ආණ්ඩුවේ අසරණකම හා කූට සහ සැහැසි ගති ස්වභාවය එලිපිට විද්‍යාමාන වීම නොවැලැක්විය හැකි බව අපගේ අදහසයි.

එම ප්‍රකාශයට මෙතෙක් සවන් නොදුන් අයට පහත වීඩියෝවෙන් අදාල කොටස නැරඹිය හැකිය.

විද්වත් මාලිමා අමාත්‍යවරයා හට කොළයක ආධාරය නොමැතිව ස්වාධීන කථාවක් පැවැත්වීමට ඇති නොහැකියාව පිළිබඳ අපගේ පුදුම සහගත සංවේගය මෙහිලා මුලින්ම පළ කොට සිටිමු.

සමහරවිට මෙම පිටපතේ ඇතැම් කොටස් පැලවත්තේ ප්‍රධාන කාර්යාලයෙන් ඇතුළු කරන ලද ඒවා වන්නටද පිළිවන. කෙසේ වෙතත්, ඉකුත්දා කාදිනල් හිමිපාණන්ගේ දරුණු උදහසට ලක් වූ ආණ්ඩුව කතෝලික ජනතාවගේ අභිප්‍රායන්ට සමන් මල් කිනිත්තකින් ඉසින මල් පැන් පොදක් ලෙසද මේ ප්‍රකාශය අරුත් ගැන්වීමේ හැකියාවක් නැත්තේ නොවේ.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයේ පසුබිමින් තිබෙන්නේ

“අපි පාස්කු ප්‍රහාරකයින් අල්ලන්නේ නෑ”

“අපිට අල්ලන්න බෑ”

“දැන් ඒවා අමතක කරමු! ඒවා කල් ගිය දේවල්”

වැනි යටිපෙළක් නම් අපට කීමට ඇත්තේ, පාස්කු ප්‍රහාරකයින් නීතිය හමුවට ගෙනෙන බවට වහසි බස් දෙඩූ මාලිමා නායකයින් මෙන්ම, එම ප්‍රකාශයන්ට හුරේ දැමූ කතෝලික සභාවේ ප්‍රධානීන්ද එකට අල්ලා එකම කුරුසියේ තබා ඇණ ගසා දැමිය යුතු බවයි.

මන්දයත් මේ වනවිට මාලිමා ආණ්ඩුවට ඇල්ලීමට ඇති හෙළි නොවූ අපරාධ ගොනුවේ පාස්කු ප්‍රහාරයට අමතරව තවත් අපරාධ සිය ගණනක් ඇති බැවිණි.

මේ ලිස්සා යන සුළු ප්‍රකාශය වනාහි, ඒ අපරාධ සියල්ල වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම මගහැරීමට ඉල්ලන එක්ස්කියුස් එකක් නම්,

“කදිමයි අනුර සහොදරයා! කදිමයි!”

එය සැබැවින්ම එසේනම් අපි,

තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග ඝාතකයින්ට සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළවුන්ට සමාව දෙමු!

අපේ සල්ලි හොරකම් කොට උගන්ඩාවට පැටවූ බව කියන රාජපක්ෂලාට සමාව දෙමු!

ඊට ප්‍රථමයෙන්, දශක තිහකට එපිටදී තමන්ගේම මවු පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් සියල්ලන් අතුගා දමා, පක්ෂ සාමාජිකයින් 60,000කට අධික පිරිසක් කෲර සහ අමානුෂික වධ බන්ධනයන්ට ලක් කොට පක්ෂය බිමටම සමතලා කොට දැමූ බටලන්දේ ලේ පිපාසිත ඝාතකයාට සහ ඔහුගේ පිරිවරට සමාව දී සිටිමු.

එනික්බිති අපට ගනේමුල්ලේ සංජීව මැරූ කෙහෙල්බද්දර පද්මේටට සහ අතුරුදන්ව සිටින ඉෂාරා සෙව්වන්දිටත්, ආගිය අතක් සොයාගැනීමට නොහැකිව සිටින කුප්‍රකට පොලිස්පතිවරයාටත්, එතෙකින් නොනැවතී අනුරාධපුරේ වෛද්‍යවරිය දූෂණය කළ හිටපු හමුදා සොල්දාදුවාටත් සමාජයක් වශයෙන් එක්ව ඉත සිතින් මෛත්‍රිය වැඩිය හැකි වනු ඇත.

සටහන – Chalana

Related posts

මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

colombotoday

9 හැවිරිදි සිසුවෙක් ගසක එල්ලී සියදිවි නසාගනී, එල්ලී මැරුණාද? මරා එල්ලුවාද? සැකයක්.

colombotoday

ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට

colombotoday

දූෂිත ගනුදෙණුව ක්‍රියාත්මකයි.. LNG බලාගාරය චීන සමාගමට දීමට මංගලගේ නිර්දේශ

colombotoday

ඖෂධ මගඩිය හෙළිදරව්වෙන් ඇමති පුතා කිපෙයි.. මරණ තර්ජණ !

colombotoday